2023 මැයි 10, පෙ.ව. 12:13
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවලවිශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇති විය හැකි බවද සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

2026 අගෝස්‍තු 01, පෙ.ව. 12:23
2026 අගෝස්‍තු 01, පෙ.ව. 12:21
2026 අගෝස්‍තු 01, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 01, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 01, පෙ.ව. 12:15