hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 06, පෙ.ව. 6:11



මෙවර රාමසාන් සමය වෙනුවෙන් රාජ්‍ය සේවයේ නිරත ඉස්ලාම් බැතිමතුන් සඳහා විශේෂ සේවාමුර සහ නිවාඩු ක්‍රමවේදයක් හඳුන්වා දීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් යොමු කරමිනුයි එය සඳහන් කර ඇත්තේ.

ඉස්ලාම් බැතිමතුන්ට සිය ආගමට අනුව ඊට අදාළ වතාවත්වල නිරතවීමට ඒ අනුව අවස්ථාව හිමිවනු ඇති.

එය ක්‍රියාත්මක වන්නේ මාර්තු මස 23වන දින සිටයි.

ඊට අදාළව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත් කළ චක්‍රලේඛය පහතින්.