hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 මැයි 03, පෙ.ව. 8:07



ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන රාමසාන් උත්සවය අදට (03) යෙදී තිබෙනවා.

වතුකරයේ ඉස්ලාම් භක්තිකයන් රාමසාන් උත්සවය උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබනවා.

වතුකරයේ ඉස්ලාම් භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික යාඥාව හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේදි එහි ප්‍රධාන පුජක එම්.මවුලවි පුජකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

රාමසාන් ආගමික යාඥාවට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ඉස්ලාම් භක්තියන් විශාල පිරිසක් සහභාගි වි සිටි බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මෙම යාඥාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක් වු හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයේ සභාපති අල්ලාජ් එම්.ජේ.එම්.ෆසිර් මොහොමඩ් මහතා කියා සිටියේ රටේ උද්ගත වි ඇති ආර්ථික අර්බුධය විසදිමට පියවර ගන්නා තෙක් සියළුම දේශපාලඥයින්ට තමන් හමුවිමට අවස්ථාව ලබා නොදිමට මල්වතු අස්ගිරි නාහිමියන් ගත් පියවර ඉතා උතුම් ක්‍රියාවක් බවයි.

මේ අතර කිසිදු දේශපාලනඥයෙකුට තමන් වහන්සේ බැහැ දැකීම සඳහා අවසර ලබා නොදීමට මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් තීරණය කර තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ පූර්ණ එකඟතාව මත පවතින අර්බුදයෙන් රට මුදවා ගැනීම පිණිස තාවකාලිකව සර්වාපක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනා හයක් ඇතුළත් කර ජනපති, අගමැති හා පක්ෂ නායකයින් වෙත ඉදිරිපත් කරන ලද  ලියවිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මහනාහිමියෝ මෙම තීරණයට එළඹ තිබෙනවා.