hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2025 අගෝස්‍තු 21, ප.ව. 1:39



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දවස් 14කට බන්ධනාගාරගත වීම අනිවාර්ය බව youtube කරුවෙකු වන සුදත්ත තිලකසිරි පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එළඹෙන සිකුරාදා (22) හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට සූදානම් පසුබිමකය.

“ලියලා තියා ගන්න. දවස් 14කට රනිල් වික්‍රමසිංහ ඇතුළට යනවා. බලන්නකෝ නැද්ද කියලා. සුදා එහෙම නම් YouTube අවකාශයෙන් අයින් වෙනවා. රටේ නීතිය සැමට පොදුයි. මේ රටේ ඉපදුණු සියලු දෙනා මේ රටේ නීතියට යටයි. නීති පොතේ තියෙන විදිහට අධිකරණය තීන්දු කරයි.”

සිය YouTube නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කොට තිබේ.