hit counter

2026 ඔක්‍තෝබර් මස 26 වන සඳුදා

2022 මැයි 13, ප.ව. 12:39



ඊයේ සවස අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර අග්‍රාමාත්‍ය ධූරයේ වැඩ ආරම්භ කළා.

ඒ කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී.

රනිල් වික්‍රමසිංහ නිදහස් ශ්‍රී ලංකාවේ 26 වෙනි අග්‍රාමාත්‍යවරයායි.

මේ අතර අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා ඊයේ (12) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගෙන තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියෙක්.

2015 – 2019 කාලය තුළ තෙවතාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇති ඔහු සිව්වන වතාවටයි එම ධුරයට පත් කර ඇත්තේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ලබාගෙන ඇති ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා තිබෙනවා.

ඒකනායක මහතා වසර 30ක් ඉක්මවූ සිය පරිපාලන සේවාවේ දී යෞවන කටයුතු, ක්‍රීඩා, සමෘද්ධි, නිවාස, කර්මාන්ත, විදේශ හා මුදල් අමාත්‍යාංශවල මෙන්ම මැලේසියාවේ සහ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයන් හි සේවය කර තිබෙනවා.