hit counter

2026 ජූනි මස 13 වන සෙනසුරාදා

2023 ජූනි 12, පෙ.ව. 1:22



මෙරට විශ්වවිද්‍යාල ආසියානු විශ්වවිද්‍යාල ලැයිස්තුවේ ඉහළින්ම තිබූ බවත්, එම ප්‍රමිතිය සහ කීර්තිනාමය යළි මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇති කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “CVCD විශිෂ්ටතා සම්මාන” උළෙලට එක් වෙමින්.

ඒ තුළින් විදේශීය සිසුන්ද මෙරට විශ්වවිද්‍යාල කෙරෙහි ආකර්ශණය කරගත හැකි අතර එය මෙරට ආර්ථිකය සංවර්ධනයට ඉවහල් වනු ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.

එමෙන්ම මෙරට අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාව පැහැදිලි කරමින් ජනාධිපතිවරයා පැවසුවේ සෑම අයෙකුටම නිසි වයසේ දී අධ්‍යාපන කටයුතු අවසන් කර ඉදිරියට යාමට හැකි පසුබිම නිර්මාණය කළ යුතු බවයි.