hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූලි 09, ප.ව. 5:55



අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් වී සර්ව පාක්ෂික ආණ්ඩුවට බලය ලබා දීමට පක්ෂ නායකයින්ට දන්වා තිබෙනවා.

දීප ව්‍යාප්ත ඉන්ධන බෙදාහැරීම මේ සතියේ ආරම්භ කිරීමට නියමිත බවත් ලෝක ආහාර වැඩසටහනේ අධ්‍යක්ෂවරයා මේ සතියේ දිවයිනට පැමිණීමට නියමිත බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසර වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම කාරණා සැලකිල්ලට ගෙන තමන් ඉවත් වීමට තීරණය කළ බවයි අගමැති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට සඳහා ඔහු විරුද්ධ පක්ෂ නායකයින්ගේ නිර්දේශයන්ට එකඟතාව පළ කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් පවසන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: