hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූලි 21, පෙ.ව. 9:20



මේවන වන නව ජනාධිපතිවරයෙන් තෝරා පත් කර තිබෙන පසුබිමක ගෝල්ෆේස් අරගලය ඉදිරියට ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න අරගලකරුවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අතර නව ජනාධිපතිවරයාත්, හිටපු අගැමති මහින්ද රාජපක්ෂ මහතාත් අරගලය ගැන අදහස් පළ කර තිබුණා.

මීලග ජනතා අරගලය ආරම්භ කිරීමට සූදානම් බව ගාලුමුවදොර අරගලකරුවන් පවසනවා. 

මේ අරගලය මෙතනින් අවසන් නොවන බවත් රට වෙනුවෙන් තමන් මැරෙන්න වුණත් සූදානම් බවත් ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමෙන් අනතුරුව අරගලකරුවන් නියෝජනය කරමින් රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කළා. 

අරගලය අඛණ්ඩව

අරගලකරුවන් ඊයේ(20) අරගල භූමියේ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී ජීවන්ත පීරිස් පියතුමා පවසූවේ මහජන අරගලය අඛණ්ඩව ගෙන යන බවයි.

“මේ සාමකාමී අවිහින්සාවාදී අරගලය දිගට ම ක්‍රියාත්මක වෙනවා. හේතුව ශ්‍රී ලංකාවට අවශ්‍ය පැහැදිලි දේශපාලන, ආර්ථික ස්ථාවරත්වය ගේන දූෂිත නොවන පාලකයෙක්. ඒ නිසා මේ අරගලය දිගට ම ක්‍රියාත්මක කරනවා.” යැයි ජීවන්ත පීරිස් පියතුමා ප්‍රකාශ කළා.

දැන් ඇති

මේ අතර ගාලු මුවදොර මහජන අරගලය සම්බන්ධයෙන් ඊයේ (20) පාර්ලිමේන්තුවෙන් පිටව යාමේදී හිටපු අගමැති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළා.

ඔහු එහිදී කියා සිටියේඑක එක මත තියෙනවා නේ. එයාලා කියන්නේ ඒක තමයි ජන මතය කියලා. අපි කියන්නේ ඒක නෙවෙයි කියලා. ඒ මත දෙක ම තියෙනව. දැන් ඉතින් අරගලය කරා ඇති කියලයි මං හිතන්නේ. ගාලු මුවදොර අරගලය කරන තරුණයින් දැන් තේරුම් ගන්න ඕනේ එළියට ගිහිල්ලා වැඩ කරන්න.”

කෙසේ වෙතත් අභිනව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගංගාරාම විහාරස්ථානය වෙත ඊයේ (20) පස්වරුවේ පැමිණ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූවේ සාමකාමීව විරෝධතාවල නිරත වීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව පවතින බවයි.

නීතිය ක්‍රියාත්මකයි

අරගල මුවාවෙන් නිවාස ගිනි තැබීම මෙන් ම ජනාධිපති කාර්යාලය ඇතුළු විවිධ ස්ථාන අත්පත් කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව ද ඔහු පෙන්වා දුන්නා.

එවැනි ක්‍රියා නීති විරෝධී වන අතර එවැනි කටයුතුවල නිරතවන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.

ඔහු ප්‍රකාශ කළේ, අරගලයේ නිරත තරුණයන්ට අනාගතයක් ගොඩනැගීමට අවශ්‍ය නම් ඊට සම්පූර්ණ සහය ලබාදෙන බව යි.

එමෙන් ම සාමකාමීව අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය මේ වන විට යටපත් වී ඇති අතර අවශ්‍ය නම්, ඔවුන්ට අදහස් ප්‍රකාශ කිරීමට වේදිකාවක් සකස් කර දීමට ද හැකි බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: