2022 මැයි 21, පෙ.ව. 6:21
කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර නොමැතිවීමෙන් එළඹෙන අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ Sky News සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේදීයි.
එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවට ණය ගෙවීමට නොහැකිවීම සම්බන්ධයෙන් තමා ලැජ්ජාවට පත්වන බවයි.
ශ්‍රී ලංකාවේ වාර්තමානයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සඳහා පසුගිය පරිපාලනය වගකිව යුතු බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.
“ලංකාවේ මොකද වෙන්නේ ?”යැයි නිවේදකයා ඇසූ ප්‍රශ්ණයට “අපි බංකොලොත් තැනකට පැමිණ සිටින බවත් ශ්‍රී ලංකාවට මින් පෙර කිසි දිනෙක මෙවැන්නක් සිදු නොවූ දෙයක් බවත් සඳහන් කර සිටිනවා.
“අපිට ඩොලර් නැහැ, රුපියල් නැහැ.” යනුවෙන්ද අගමැතිවරයා පවසා සිටි අතර මේ මොහොතේ මිනිසුන්ට “තවත් බර දරාගත නොහැකි” බවද එහිදී සඳහන් කර සිටිනවා.
2026 ජනවාරි 25, පෙ.ව. 12:36
2026 ජනවාරි 25, පෙ.ව. 12:36
2026 ජනවාරි 25, පෙ.ව. 12:25
2026 ජනවාරි 25, පෙ.ව. 12:17
2026 ජනවාරි 25, පෙ.ව. 12:14