2022 ජූලි 20, ප.ව. 10:15
පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක හමුදාව සහ පොලිසිය හමුවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පස්වරුවේ ඔවුන්ට ස්තුතිය පළ කළා.
ජනාධිපති ධුරයට පත්වී පාර්ලිමේන්තුවෙන් පිටත්ව යන අතරතුර සිය රථයෙන් බැස ආරක්ෂක හමුදාව අතරට ගිය ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සහ පොලිසිය කළ මෙහෙවර පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කර තිබෙනවා.
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දැඩි ආරක්ෂක ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබුණා. ස්ථාන තුනක දී ජනාධිපතිවරයා රථයෙන් බැස හමුදාවන්ට ස්තුතිය පළ කර තිබෙනවා.



2026 අප්‍රේල් 06, ප.ව. 5:06
2026 අප්‍රේල් 06, ප.ව. 2:55
2026 අප්‍රේල් 06, ප.ව. 1:30
2026 අප්‍රේල් 06, ප.ව. 12:52
2026 අප්‍රේල් 06, ප.ව. 12:38