hit counter

2026 ජූලි මස 05 වන ඉරිදා

2026 ජූලි 05, ප.ව. 4:08



ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශවල නායයෑම් හා පාංශු ඛාදනය වැනි ස්වභාවික අවදානම් නවීන භූ-තාක්ෂණික විසඳුම් මඟින් අවම කළ හැකි බව Soiltech Engineering Solutions ආයතනය පවසනවා.

එම ආයතනයේ සභාපති චන්ද්‍ර ගමගේ මහතා සඳහන් කළේ, කඳුකර ප්‍රදේශ අන්තරාදායක කලාප ලෙස පමණක් නොසලකා ඒවායේ පාරිසරික හා ආර්ථික වටිනාකම ආරක්ෂා කරමින් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

ඒ අනුව අවදානම් සහිත බෑවුම් ස්ථායීකරණය සඳහා SpiderNail පද්ධතිය, කෘත්‍රිම බුද්ධිය (AI) පදනම් කරගත් නිරීක්ෂණ පද්ධති සහ ඩ්‍රෝන තාක්ෂණය යොදාගත් භූමි සිතියම්ගත කිරීම ඇතුළු නවීන ක්‍රමවේද හඳුන්වා දී ඇති බවද ඔහු සඳහන් කළා.

මෙම තාක්ෂණික විසඳුම් මඟින් නායයෑම් අවදානම පවතින බෑවුම් ආරක්ෂිතව කළමනාකරණය කිරීමට හැකියාව පවතින බවද Soiltech ආයතනය පෙන්වා දෙනවා.

එමෙන්ම ජපානයේ ටෝකියෝ නගරයේ අත්දැකීම් උදාහරණයට ගනිමින්, නිවැරදි ඉංජිනේරු සැලසුම් සහ නවීන තාක්ෂණය භාවිතයෙන් ස්වභාවික අවදානම් පවතින ප්‍රදේශ පවා ආරක්ෂිත සහ තිරසාර සංවර්ධනයක් කරා රැගෙන යා හැකි බවද එම ආයතනය වැඩිදුරටත් අවධාරණය කළා.