hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 07, ප.ව. 12:06



ඉදිරි සති 3 තුළ ඉන්ධන සහ ගෑස් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

පාර්ලිමේන්තුවේ දී අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, අනවශ්‍ය ලෙස ඉන්ධන සහ ගෑස් රැස් කර තබා නො ගන්නා ලෙස යි.

මේ අතර, පවතින තත්ත්වය මත හෙක්ටයාර් 2කට අඩු භූමි ප්‍රමාණයක් ඇති වී ගොවීන් ලබාගෙන ඇති ණය වහා ම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට ද තීරණය කර ඇති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

පවතින තත්ත්වය යටතේ රට ගැටළු රැසකට මුහුණ දී ඇති බැවින් ඉදිරියේදී ඉතා දැඩි මුල්‍ය පාලනයකට යාමට සිදුවන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එසේම අන්තර් ජාතික මුල්‍ය අරමුදල සමග මේ පිළිබඳව සාකච්ඡා සිදුකළ බවත් අගමැතිවරයා කියා සිටියා.

ඉන්ධන සහ ගෑස් භාවිතා කිරීමේදී හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසද ඉල්ලීමක් කළ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි මාස 06තුළ රට නොවැටී තබාගැනීමටනම් විශාල මුදලක් අවශ්‍ය බවයි.

එම මුදල් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවද අගමැතිවරයා සඳහන් කළා.

එසේම ආහාර හිඟය ගැනද මෙහිදී අදහස් පළකෙරුණු අතර වාර්ෂිකව මෙරටට අවශ්‍ය සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 0.4ක් පමණ වන බැවින් මේ වනවිට රට තුළ පවතින්නේ සහල් මෙට්‍රික් ටොන් මිලියන 1.6ක් පමණ වන බවද ඔහු කියා සිටියා.

ඊට අමතරව ගොවීන් විසින් ලබාගෙන ඇති ගොවි ණය කපා දැමීමට කටයුතු කරන බවද අගමැතිවරයා සඳහන් කළා.

පවතින තත්වය වෙනස් කිරීමටනම් යලි ජාත්‍යන්තරය සමඟ සුහදව කටයුතු කළයුතු බව සඳහන් කළ අගමැතිවරයා තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාව මේ වනවිට ක්‍රියාවිරහිත වූ පරිගණකයක් සේ වී ඇති බවයි.