hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 20, ප.ව. 1:27



ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් තේරී පත් වුණා.

ඉන් අනතුරුව අභිනවයෙන් පත් වූ ජනාධිපතිවරයා ලෙස සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූවේ ඩලස් අලහප්පෙරුම මහතාටත්, අනුර දිසානායක මහතාටත්, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාටත් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාටත්, මෛත්‍රීපාල සිරිසේන මහතාගෙනුත් ඉල්ලීමක් සිදු කරන බවයි.

දැන් බෙදුණු අවස්ථාව අවසන් බවත් එකට එකතු වී සාකච්ඡා කිරීමට සියලු දෙනාටම ආරාධනා කරන බවත් ඒ සඳහා හෙට සිට ඒ සඳහා සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත්ය.

තව විශේෂ ඉල්ලීමක් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සභාව තුල නොව පාර්ලිමේන්තුවේ වෙනත් ස්ථානයක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට අවස්ථාව ලබා දෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවයි.

ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අද (20) පැවති ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134ක් ලබා මෙලෙස මෙරටට නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: