hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 12, ප.ව. 2:17



එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (12) පස්වරු 6:30ට අභිනව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මෙලෙස දිවුරුම් දෙන්නේ 6 වන වතාවටයි.

ඊයේ ජාතිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, මෙම සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත් අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරන බවයි.

එමෙන්ම ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ද පැවති අතර එය පැය 2කට ආසන්න කාලයක් පැවති බවද වාර්තා වනවා.

මේ අතර ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සහ ස්වාධීන පක්ෂ 11 නියෝජනය කරන කණ්ඩායම විසින් අග්‍රාමාත්‍ය ධුරය සඳහා සුදුසු යැයි යෝජනා කරන නම් කිහිපයක් පැවතියද ඒවා ජනාධිපතිවරයාට ඉදිරිපත් නොකළ බව හිටපු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.