hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ජූලි 16, පෙ.ව. 10:55



සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීමට සූදානම් බවට වාර්තා වනවා.

වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද රන්ජන් රාමනායක මහතාට නිදහස ලබා දීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසුවා.

වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ(15) පස්වරුවේ පැවති අතර, එම රැස්වීමෙන් පසුව හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන හිටපු ඇමැතිවරුන් රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා.

එහිදී රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම පිළිබද ඔවුන් දෙදෙනා වැඩ බලන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇතැයි වාර්තා වනවා.

අනතුරුව රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට අදාල සියලුම ලේඛන සකස් කර අවසන් බව ද අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ගත යුතු ඉදිරි නීතිමය පියවර කඩිනමින් ගෙන රන්ජන් රාමනායක මහතා නිදහස් කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට වැඩ බලන ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: