hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 24, ප.ව. 7:11



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 330ක් වූ විස්තීරණ ණය මුදලේ පළමු වාරිකය ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ වාරිකය ගෙවීමට යොදා ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමෙරිකානු ඩොලර් මිලියන 121ක් වූ අදාළ වාරිකය ඊයේ දින ගෙවා දැමූ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන මෙවැනි ණය මහබැංකුවේ ගිණුම වෙත බැර වෙනවා.

නමුත් මෙවර අදාළ ණය මුදල භාණ්ඩගාර නියෝජ්‍ය ලේකම්වරයා ගිණුමට බැර කළ හැකි ලෙස ලබා දී ඇති බැවින් එය ණය ස්ථායිකරණයට යොදා ගත හැකි බවයි සියඹලාපිටිය මහතා පෙන්වා දෙනවා.