hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 15, පෙ.ව. 1:18



පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව තම බලතල භික්ෂුන් වහන්සේට ලබාදී ඇද්දැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රාසමානික්කම් සානක්‍යන් මහතා ප‍්‍රශ්න කරනවා.

සානක්‍යන් මන්ත්‍රිවරයා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් සමඟ ත්‍රිකුණාමලය, පුල්මුඩේ ප‍්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම ප‍්‍රශ්න කිරීම සිදු කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද සඳහන් කළා.

“පසුගිය සති කිහිපයේදී පුල්මුඩේ ප‍්‍රදේශයේ සිදුවූ විනාශකාරි සිදුවීම් සම්බන්ධයෙන් මාධ්‍ය දිගින් දිගටම වාර්තා කරනු ලැබුවා.  මේ පිළිබඳව ජනතාව අපව දැනුවත් කරනු ලැබුවා. මේ ප‍්‍රදේශයට පැමිණ තමන්ට සහාය පළ කරන්නැයි මේ ප‍්‍රදේශයේ ජනතාව අපගෙන් ඉල්ලීම් කළා.

ඇතැම් අවස්ථාවල මෙම ප‍්‍රදේශයට පැමිණෙන භික්ෂුන් වහන්සේ හා ඔවුන්ගේ ආරක්ෂකයෝ තුවක්කු පෙන්වා මේ ප‍්‍රදේශයේ ජනතාව බියගැන්වීමට උත්සාහ දරා තිබුණා. ජනතාවට තර්ජනය කර තිබුණා. වර්තමානයේදී මෙවැනි සිදුවීම් උතුර, නැඟෙනහිර පළාත්වල බහුලව වාර්තා වෙමින් තිබෙනවා. මේ සිද්ධීන්වලට එරෙහිව අපි දැඩි විරෝධතා ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා. මෙයාකාරයෙන් මඩකළපුව ප‍්‍රදේශයේ වෙසෙන එක්තරා භික්ෂුන් වහන්සේ නමක් රාති‍්‍රයේ ආරක්ෂක අංශ සමඟ තුවක්කු රැගෙන පැමිණ ප‍්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගැනීමට උත්සාහ දැරුවා. ප‍්‍රදේශයේ ජනතාව ඔවුන්ව පලවා හැරීම නිසා එම උත්සාහයන් ව්‍යර්ථ වුණා. අවාසනාවකට මෙවැනි භික්ෂුන් වහන්සේලාගෙන් අපගේ ඉඩම් අද අපට ආරක්ෂා කරගැනීමට සිදුව තිබෙනවා.”

මෙම අවස්ථාවට ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් හා ජනතාවද එක්ව සිටියා.