hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 28, ප.ව. 1:49



ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනියකවන රත්නා පුෂ්ප කුමාරි මහත්මිය අද (28) අභාවප්‍රාප්තවී තිබෙනවා.

කැලණිය ගුරුකුල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඇය ප්‍රවීණ රුපවාහිනී නිවේදිකාවක් ද වනවා.

අභාවප්‍රාප්තවන විට ඇය ආයතන සහ වැඩසටහන් කිහිපයක අධ්‍යක්ෂවරියක ලෙසද කටයුතු කළා.

ඒ අතර කුඩා ළමුන් මුලකර ගනිමින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවටනංවා තිබුණා.

දේහය හෙට දිනයේ උදෑසන 10ට බෞද්ධාලෝක මාවතේ සුදර්ශි ශාලාව වෙත රැගෙනගොස් සවස් වන විට පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුවන ආකාරය පසුව දැනුම්දීමට නියමිතයි.