hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 10, ප.ව. 12:15



අද (10) උදෑසන වායු ගුණ තත්ත්වය සැලකීමේදී ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ තුළ සාමාන්‍ය වායු ගුණ තත්ත්වයක් පවතින බව ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය නිවේදනය නිකුත් කරමින් සඳහන් කළා.

එය අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව (US AQI) 100 ට ආසන්න අගයක් පවතන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

විශේෂයෙන් කොළඹ හා මහනුවර නගරවල හා උතුරු, වයඹ, බස්නාහිර හා උතුරු මැද පාළාත්වල, නාගරික ප්‍රදේශවල වායු ගුණ තත්ත්ව දර්ශකය විටින්විට තරමක් ඉහළ යාහැකි අතර අනෙකුත් ප්‍රදේශයන් හි මධ්‍යම හෝ යහපත් තත්ත්වයක් පවතින බවද පෙන්වා දෙනවා.

මේ අනුව අද දිනය තුළ වායු දුෂණ තත්ත්වය සාමාන්‍ය මට්ටමක පවතින අතර සෞඛ්‍යමය වශයෙන් අහිතකර තත්ත්වයක් නොපෙන්වන බවද එම ආයාතනය සඳහන් කළා.

මෙහි බත්තරමුල්ල සහ බදුල්ල ප්‍රදේශවල වැඩි අගයක් පෙන්වනුයේ ඒ ප්‍රදේශයන්ට පමණක් බලපාන හේතූන් මත බවද ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය සඳහන් කළා.