hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 29, පෙ.ව. 12:04



තොග අලෙවිසැල් සහ සුපිරි වෙළඳසැල්වල කීරි සම්බා හිඟයක් ඇතැයි තොග සහ සිල්ලර වෙළඳසැල් හිමියෝ පවසනවා.

කීරි සම්බා අලෙවිය සඳහා පාලන මිලක් සඳහන් කිරීම හේතුවෙන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ තොග සහ සිල්ලර වෙළඳසැල් ව්‍යාපාරිකයෙකු සඳහන් කළා.

කීරි සම්බා වල පාලන මිල රුපියල් 260කි. මෝල් හිමි ව්‍යාපාරිකයන්ගෙන් කිරී සම්බා රුපියල් තුන්සියකටත් වැඩි මුදලකට මිලදී ගැනීමට සිදුව තිබෙනවා.

සම්බා සහල් පාලන මිල රුපියල් 230ක් වන අතර එයද මෝල් හිමි ව්‍යාපාරිකයන්ගේ මිලදී ගැනීමට සිදුව ඇත්තේ එම මිලට වඩා වැඩි මිලකට බව ව්‍යාපාරික හිමියන් පවසයි.

එලෙස වැඩි මිලට මිලදී ගෙන පාලන මිලට සහල් විකිණීමට නොහැකි නිසා තොග සහ සුපිරි වෙළඳසැල්හි කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසයි.

මේ දිනවල පාලන මිලට වඩා වැඩියෙන් සහල් විකුණන වෙළඳසැල් පාරිභෝගික අධිකාරියෙන් වැටලීම සිදු කරනු ලබන අතර එලෙස වැඩි මිලට සහල් විකිණීම පිළිබඳව සොයා බැලීමට පාරිභෝගික අධිකාරිය තොග සහ සිල්ලර වෙළඳසැල් වටලනු ලබන්නේ නීති විරෝධි මත්ද්‍රව්‍ය සොයන ආකාරයට බවත් වෙළඳසැල් හිමියන්ගේ නිවෙස් සහ නිවසේ සියලු කාමර පවා සෝදිසි කරනු ලබන බව ව්‍යාපාරිකයෝ මැසිවිලි නගයි.

කුඩා පරිමාණ වෙළඳසැල් කීරි සම්බා සහ සම්බා වැඩි මිලට විකුණන නමුත් පාරිභෝගික අධිකාරිය විසින් ඒවා පරීක්ෂා නොකරන බව ව්‍යාපාරිකයන් කියති. මෙම තත්ත්වය නිසා තොග සහ සුපිරි වෙළඳසැල්වලින් සහල් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට විශාල අසාධාරණයක් සිදු වන බවත් ගමක හෝ නගරයක තිබෙන තොග වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල් සඳහා පමණක් නීතිය ක්‍රියාත්මක වන බව ඔවුහු චෝදනා කරයි.

මේ පිළිබඳව පාරිභෝගික අධිකාරීයෙන් විමසීමේදී , පාලන මිලට වැඩියෙන් සහල් විකිණීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය වැටලීම් අංශය වැටලීම් සිදුකරන බවත් විශේෂයෙන් පැමිණිල්ලක් ලැබුණු සැනින් ව්‍යාපාරික ස්ථානය සහ ව්‍යාපාරික ස්ථානයක යාබදව ව්‍යාපාරික හිමිකරුවන්ගේ නිවස ඇත්නම් සහල් ගබඩා කර ඇති දැයි සොයා බැලිමට පරීක්ෂා කරන බව පාරිභෝගික අධිකාරියේ වැටලීම් අංශයේ නිලධාරියකු සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: