hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 12, ප.ව. 7:24



සත්ව සංගණය බොහෝ දෙනාට විහිළුක් වුව ද එය ලොව පුරා භාවිත කරන විද්‍යාත්මක ක්‍රමවේදයක් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එල්.එම්. අබේවික්‍රම මහතා පවසයි.

ඔහු පෙන්වා දුන්නේ, රිලවෙකුගේ ආයු කාලය අවුරුදු 20ක් බවත් දැන් රටේ සිටින්නේ රනිල් වික්‍රමසිංහ ඇතුළු පහුගිය ආණ්ඩු විසින් හැදූ රිලවු බවයි.

මෙම මැදිහත් වීම අවුරුදු 12කට පෙර සිදුකළා නම් අද රිලා ප්‍රශ්නයක් මතු නොවන බව ද එල්.එම්. අබේවික්‍රම මහතා අවධාරණය කළේ පාර්ලිමේන්තුව අමතමිනි.