hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 අප්‍රේල් 13, පෙ.ව. 11:28



කෑගල්ල දිස්ත්‍රික්කයේ සාමාන්‍යයෙන් ජනගහනය ලක්ෂ අටකට වැඩි පිරිසක් සිටින අතර පසුගියදා කරන ලද සමීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පමණක් රිළව් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් සිටින බවයි.

මේ සංඛ්‍යා ලේඛන අනුව කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිකා වික්‍රමසිංහ මහත්මිය ඇතුළු දේශපාලන අධිකාරියටද රාජ්‍ය නිලධාරීන්ගේද ඒ පිළිබඳව නිතරම අවධානය යොමු වී ඇති අතර ඊට විසඳුමක් මෙතෙක් ඔවුනටද ලැබී නොමැත.

විශේෂයෙන් රිළව්ගෙන් කෑගල්ලේ පොල් වගාවට මෙන්ම කෙසෙල් වගාව ඇතුළු පලතුරු වගාවට හානි සිදුවන අතර මේ දිනවල කෑගල්ලේ පොල් ගෙඩියක් රුපියල් 120ත් 130ත් අතර මුදලකට අලෙවි වන බවද ජනයා පැවැසූවා.

කෑගල්ලේ රිළා රංචු ප්‍රමාණය වැඩි වීම නිසාත් රංචුවල සිටින රිළව් ගණන වැඩි නිසාත් පසුගිය කාලයේ ඔවුනට කෑම අඩු වීම හේතුවෙන් රිළව් නිවාසවලට පැන බත් මුට්ටි පවා රැගෙන ගිය අවස්ථා තිබුණු බව සම්බන්ධීකරණ කමිටුවේදී අනාවරණය වුණා.

චීනයට ලබාදීමට යන රිළව් ලක්ෂයෙන් වැඩි පිරිසක් කෑගල්ලෙන් අල්ලා ගන්නා ලෙසත් ඒ සඳහා උපරිම සහයෝගයක් කාලවකවානුවක් නොමැතිව ලබා දිය හැකි බවත් කෑගල්ලේ ගොවියෝ පවසනවා.