hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 16, පෙ.ව. 5:04



මෙරට රිලවුන් චීනයට ලබාදීම පිටුපස ඇත්තේ මිලියන ගණනක ජාවාරමක් බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසනවා.

මේ දිනවල (15) දැඩි ලෙස ආන්දෝලනාත්මක අයුරින් කතාබහට තුඩු දී ඇති මාතෘකාවක් වන මෙරට රිලවුන් ලක්ෂයක් පිටරට සත්ත්වෝද්‍යාන වෙත පැටවීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි උන්වහන්සේ මේ බව සඳහන් කළේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරින් ගන්නා මෙවැනි තීන්දු තීරණ පිළිගැනීමට තරම් ශ්‍රී ලාංකික ජනතාව කොණ්ඩෙ බැඳපු චීන්නුන් නොවන බවත් උන්වහන්සේ කියා සිටිනවා.

මෙරටින් රිලවුන් රැගෙන යන්නේ ජීව විද්‍යාත්මක පර්‍යේෂණ සඳහා බවත් , මෙම තීන්දුව ආපස්සට ගැනීමට ඉදිරියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡා කිරීමටත් බලාපොරොත්තු වන බවත් පාහියන්ගල ආනන්ද සාගර හිමිය වැඩිදුරටත් සඳහන් කළා.