hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 17, පෙ.ව. 11:59



හක්ගල උද්භිද උද්‍යානය ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය රිලවුන්ගෙන් පවතින ගැටළු හේතුවෙන් දැඩි අවදානමකට ලක්ව ඇතැයි ඒ ආශ්‍රිතව දිවි ගෙවන ජනතාව පවසනවා.

උද්භිද උද්‍යානයට පිටතින් වැලිමඩ-නුවරඑළිය මාර්ගයේ විශාල රිලා රංචු සිටින ආකාරය දැක ගන්නට ලැබෙනවා.

මෙම රිලවුන් දෙස්-විදෙස් සංචාරකයන් උද්භිද උද්‍යානය නැරඹීමට සිය රථ වාහන නතර කර ගිය පසු ඒවායේ පැති කණ්නාඩි කඩා දමන බව රථගාල් වල සේවයේ නිරත වන්නන් පවසනවා.

එමෙන්ම ඇතැම් අවස්ථාවල දී මෙම රිලවුන් සංචාරකයන් සපා කෑ අවස්ථා ද පවතිනවා.

රිලවුන් රථ වාහන වලට පැන සංචාරකයන්ගේ ආහාර වර්ග ඇතුළු විවිධ භාණ්ඩ සොරා ගන්නා ආකාරය දැක ගත හැකියි.

සංචාරකයන් හට විවිධ භාණ්ඩ අලෙවි කරන වෙළදුන් සදහන් කර සිටියේ මේ උවදුර හේතුවෙන් තම ව්‍යාපාර කරගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.

තම වෙළදසැල් වලට රංචු පිටින් පැමිනෙන රිලවුන් තම වෙළද සැල් විනාශ කරමින් කොල්ල කන බව ඔවුහු පවසනවා.

මෙම ගැටළුවට වහාම විසදුම් ලබාදිය යුතු බව ඔවුහු පවසනවා.

වැලිමඩ – ප්‍රේමලාල් රත්නායක