hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 අප්‍රේල් 18, පෙ.ව. 9:51



රිලවුන් ඉල්ලා ඇත්තේ චීන සත්වෝද්‍යාන වෙත නම්, මෙරට සිටින රිලවුන් ලක්ෂයක් චීනයට ලබා දෙන්නේ නම් අඩුම තරමේ සතුන් දෙදෙනකු බැගින් හෝ රඳවා තැබිය හැකි සත්වෝද්‍යාන පන්දහසක්වත් එහි තිබිය යුතු බව පරිසර හා සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළා.

චීනයට සතුන් දෙන්නට පෙර එහි ඇති සත්වෝද්‍යාන ගණන ගැන සොයා බැලිය යුතුයි. සතුන් කීදෙනෙක් සත්වෝද්‍යාන කොතරම් ප්‍රමාණයක් වෙත යොමු කරන්නේද යන්න විමසිය යුතුයි. එසේත් නොමැතිව එකවර රිලවුන් ලක්ෂයක් චීනයට කුමකටද යන්න ප්‍රශ්න නොකර සිටිය හැක්කේ කෙසේද? සත්වෝද්‍යානවල ප්‍රදර්ශනයට යැයි පවසමින් වුවත් චීන ඉල්ලන්නේ මෙරටට ආවේණික රිලවුන් ය. එනිසා උන් ලබාදීම ගැන දෙවරක් නොව සිය වරක්වත් සිතා බැලිය යුතුය. මෙරටට ආවේණික සතුන් චීනයට ලබා දීම මෙරට සතුන්ගේ ජාන පරම්පරා අනතුරේ හෙළීමක් බව ආචාර්ය රවීන්ට රවීන්ද්‍ර කාරියවසම් මහතා අවධාරණය කළා.

මෙරටට ආවේණික රිලවුන් මිනිසාට බොහෝ සමාන කමක් දක්වන නිසා චීනයට රැගෙන යන රිලවුන් සායනික අත්හදා බැලීම් සදහා වුවද යොදා ගැනීමේ අවදානමක් අවධානමක් පවතින බවද හෙතෙම පෙන්වා දුන්නා.

එම සතුන් එකෙක් දෙන්නෙක් නොව ලක්ෂයක්ම එකවර ඉල්ලා සිටීම තුළ යම් සැඟවුනු අරමුණක් පවතින්නේ ද යන්න සැක සහිත යැයි ද ඔහු සඳහන් කළා.