hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 01, පෙ.ව. 9:53



ශ්‍රි පාද වන්දනාකරුවන් පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් ඉකුත් 19 වනදා ප්‍රපාතයට පෙරලුණු නෝටන්බ්‍රිජ් දියගල ප්‍රධාන මාර්ගයේ හුලං වංගුව ප්‍රදේශයේ අධික බැවුම පෙනන සේ මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය මගින් ලි දඩු යොදාගෙන තාවකාලික ආරක්ෂිත වැටක් පෙරේදා (27) දින ඉදි කර තිබෙනවා.

ඉකුත් 19 දින නල්ලතන්නිය සිට මහරගම දක්වා ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් පිරිසක් රැගෙන ධාවනය වු පෞද්ගලික බස් රථයක් එම ස්ථානයේදි මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලි අනතුරට පත් විමෙන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත් වි 26 දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් රැගත් බස් රථ සහ සෙසු වාහන නල්ලතන්නියට පිවිසිමට ඇති කෙටි මාර්ගයක් වශයෙන් නෝටන්බ්‍රිජ් දියගල ප්‍රධාන මාර්ගය භාවිතා කරනු ලබනවා.

එම මාර්ගය කිලෝමිටර් 8 කින් සමන්විත වන අතර එම මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු 2020 වසරේ ආරම්භ කර එහි සංවර්ධන කටයුතු තාවකාලිකව මේ වන විට නතර කර ඇති නිසා එම මාර්ගයේ ස්ථාන කිහිපයකම විශාල වලවල් හැරි මෙවැනි තවත් අනතුරු සිදු විමේ  දැඩි අවධානමක් පවතින නිසා එම මාර්ගය කඩනමින් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ප්‍රදේශවාසින් ඉල්ලා සිටිනවා.

නෝටන්බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල නිශාන්ත විජේරත්න මහතාගෙන් ඒෂියන් මිරර් අප කල විමසුමකට ඔහු කියා සිටියේ එම මාර්ගයේ අවධානම් සහිත ස්ථාන රියදුරන්ගේ අවධානය යොමු වන සේ  මෙවැනි ආරක්ෂිත වැටවල් ඉදි කිරිමට පියවර ගන්නා ලෙස ඉල්ලිමක් කල බවත්, ඒ අනුව නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ විධායක ඉංජිනේරුවරයා විසින් එම කාර්යාලයේ කම්කරුවන් යෙදා මෙම ආරක්ෂිත වැට ඉදි කල බවයි.

ඉදිරි දින කිහිපය තුල තම පොලිසියේ නිලධාරින්ගේ සහ ප්‍රදේශවාසින්ගේ සහය ඇතිව මාර්ගය දෙපස වැවි ඇති තෘණ කපා ඉවත් කිරිමට පියවර ගන්නා බවද නෝටන්බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුවා.