hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 14, ප.ව. 1:38



කොළඹ – කුලියාපිටිය ප්‍රධාන අද (14) පෙරවරුවේ සිට යළිත් වසා දැමීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඒ, හැමිල්ටන් ඇල පිටර ගැලීමෙන් නාත්තණ්ඩිය සිට කොට්ට්‍රාමුල්ල ප්‍රදේශය සම්පූර්ණයෙන් යටවීම හේතුවෙන්.

පසුගිය 12 වැනිදා සිට මෙම මාර්ගයේ අඩි පහකට වැඩි ජල මට්ටමක් පැවැති බව සඳහන්.

මේ වනවිට එහි ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ.

මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරින් වසම් 29කට අයත් පවුල් 1,212න් ගංවතුරින් පීඩාවට පත්වී ඇති බවයි දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: