hit counter

2024 මැයි මස 01 වන බදාදා

2022 ජූනි 03, ප.ව. 4:19



කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණ ආහාර සුරක්ෂිතතාව ස්ථාවර කිරීම බවත් කෘෂිකර්ම අමාත්‍යංශයේ සියලුම වැඩසටහන් පෙළ ගැසිය යුත්තේ ආහාර නිෂ්පාදනය වැඩි කර රට ස්වයංපෝෂිත කරවීම බවත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කරනවා.

පෞද්ගලික රූපවාහිනී නාළිකාව වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ලෙස තම වගකීම තේරුම් අරගෙන තමා තනතුරෙන් ඉවත් වූ බවද ඒ මහතා සඳහන් කළා.

කිසි විටකත් තමාව තනතුරෙන් ඉවත් නොකළ බවත් තමා ඉල්ලා අස් වූ බවත් පුෂ්පකුමාර මහතා පවසා සිටියා.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණ තමයි ආහාර සුරක්ෂිතතාව රටේ ස්ථාවර කරන එක. එතකොට කෘෂිකර්ම අමාත්‍යංශයේ සියලුම වැඩසටහන් පෙළ ගැසිය යුත්තේ ආහාර නිෂ්පාදනය වැඩි කරලා රට ස්වයංපෝෂිත කරන එක. නමුත් කෘෂිකර්ම අමාත්‍යංශයේ මම ලේකම් විදියට ඇවිල්ලා මට කරන්න වෙන්නේ රටේ ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම නෙවෙයි කියලා මම දැන ගත්තට පස්සේ මම ඒක නිවැරදි කරන්න උත්සාහ කරලා මට ඒක කරගන්න බැරිවුණාම ඒක දාලා යනවා හැර වෙන දෙයක් කරන්න නැහැ. මාව කළේ නැහැ මම ඉල්ලලා ගියේ.රටේ ආහාර සුරක්ෂිතතාවය මට රකින්න බැරි නම් කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම්වරයා විදිහට ඒක නිවැරදි කරගන්න උත්සාහ කළා ම ඒක නිවැරදි කර ගන්නේ කිසිම පිළිවෙලක් නැත්නම් ඒකට කිසි සහයෝගයක් මට කාගෙන්වත් ලැබුණේ නැත්තම් මම නිකන් ආහාර නිෂ්පාදනයට ප්‍රශ්නයක් වෙන බව දැන දැන මම එතන ඉන්න ඕනේ නැහැ.”