hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 පෙබරවාරි 13, ප.ව. 2:54



මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතා වන රෝහිත රාජපක්ෂ මහතාගේ බල්ලාගේ බෙල්ලේ පවුල් 90ක රත‍්‍රන් චේන් එකක් ඇතැයි ජාතික ජනබලවේගයේ අනුරාධපුර නගාධිපති අපේක්‍ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරනවා.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේග විසින් සංවිධාන කළ ද ජන හමුවක් අමතමින්.

එම මුදල් ජනතාවගෙන් හොරකම් කරන ලද සල්ලි බවත් රාජපක්ෂලා විසින් ඩොලර් මිලියන තුන්සිය තිස් දෙකක් වංචා කර ඇති බවත් හෙතෙම පැවසුවා.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“අපේ රටේ හොරකම් කරලා තියෙන සමහර එවුන් ජීවත් වෙනවා නෙමෙයි. මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන. ඒ තරමට හොරකම් කරලා නේද? මෙතන ඉන්න අයියලා, අක්කලා නම් නේ. වැඩිපුර චේන් දාන්නේ නැහැනේ තාත්තලා. නේ? මල්ලිලා එහෙම. ගෙවල් වල නෝනලා ළඟනේ තියෙන්නේ. කරේ තියෙනවාද? චේන් එකේ. ඔක්කොම බඩු බනිස් තමයි නැද්ද? බැංකුවේ තියෙනවා ගානට පරිස්සමට තියලා. ඒ වුණාට අයියා මහින්ද රාජපක්ෂගේ පොඩි පුතාගේ බල්ලාගේ කරේ තියෙනවා පවුම් අනුවක චේන් එකක්. පවුම් අනූවයි. කාගේ සල්ලිද? හොරකම් කරපුවා. අර නමවෙනිදා ඔය ගෙවල් ගිනි තියද්දී සිංහරාජේ තිබිච්ච හෝටලයක් ගිනි අරන්. මාර වැඩේ කියන්නේ අයිතිකාරයා නැහැ. කලිනුත් අයිතිකාරයා හිටියේ නැහැ. යකෝ ගිනි තියලත් මාස ගාණක් යනකන් අයිතිකාරයා නැහැ කියන්නකෝ. ඉතින් බැලුවා කොල්ලෝ අයිතිකාරයා කෝයි කියලා. පාර්ලිමේන්තුවේ අර වන්දි පනත සම්මත කරගන්නකම් අයිතිකාරයා ආවේ නැහැ. සම්මත කරාට පස්සේ මෙහෙන් එනවා බඩු. කෝටි සීයයිලු හෝටලේට කෝටි සීයක් කවුද? රොකට් යවපු මෑන්නේ. පොඩි පුතා.

රොකට් රෝහිත. ඕං බාපු තැන්. කොඩිය ගහලා චීනේ රොකට් එකේ ඩොලර් මිලියන තුන්සිය තිස් දෙකක් වියදම් කරා කිව්වා. අද චීනෙත් හොයනවා රොකට් එක ගිය තැන කොහෙද කියලා. නේද? කෝ සල්ලි? මොකක්ද රටට වුණේ? මොකක්ද ප්‍ර තිඵලය? මුකුත් නෑ. රටේ සල්ලි අපි ගෙවනවා ණය කොඩිය ගහපු එකේ. ඌ හැදුවා හෝටලය සිංහරාජේ. කෝටි සීයයි. බැන්දට පස්සේ ගෙයක් ගත්තා කෝට්ටේ දුව පාරේ කෝටි තිස් හයයි. එහා පැත්තේ ඉඩම ගත්තා කෝටි නමයයි. කෝටි හතළිස් පහයි. ඉඩම් තුනයි. නේද? මතක අර නාලිකාවක නේ යාලුවෝ ඇවිදගෙන එන කොට අරලියගහ මන්දිරයේ ඈ. මූත් එනවා රොකට් සයන්ටිස්. මූ ගනන් ෆේල්. ගණන් ෆේල්. ඕලෙවල්. ඕලෙවල් ගණන් ෆේල් කියන්නේ කලා කරන්නවත් දෙන්නේ නැහැ. අඩු ම ගානේ. කොහොමද මූ රොකට් සයන්ස් ගැන කතා කරේ? ඉතින් උන්ගේ වැරදි නෙමෙයි. උන්ගේ වැරදි නෙමෙයි. ඉතින් මිනිස්සු කතිරේ ගැහුවා. මුන් එපා කියන්න. අපුච්චිය වැඩියි. එපා එපා කියන්ටයි. ඈ ඕං වෙච්ච වැඩේ.”