hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 11, පෙ.ව. 1:19



බාලවයස්කාර දරු දැරියන්ට සිදුවන ලිංගික අපරාධ වලින් වලක්වා ගැනිම දෙමව්පියන්ගේ මෙන්ම සමාජයෙත් වගකිමක් යැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා පවසනවා.

බාලවයස්කාර දරු දැරියන්ට සිදුවන ලිංගික අපරාධ පිළිබද අදහස් දක්වමින්  හෙතෙම මෙසේද සඳහන් කළා.

එහිදී මෙසේ ද අදහස් දක්වා සිටියා.

“බාලවයස්කාර දරුවන්ට එරෙහිව ලිංගික අපරාධ සිදුවෙන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. වයස අඩු දරුවන්ට ලිංගික ජිවිතය පිළිබද තිරණගන්න හැකියාවක් නැහැ. ඔවුන්ගේ බුද්ධිය තියෙන්නේ දරුවකුගේ ප්‍රමාණයට එවිට නිවරදි තිරණ කුමක්ද කියලා ඔවුන්ට හදුනා ගන්න බැහැ. එමෙන්ම ඔවුන්ගේ තිරණවලට විවිධ බලපැම් ඇති කරන්න පුළුවන්  ඇතැම් අවස්ථාවලදි දරුවන් මත්ද්‍රව්‍යවලට පුරුදුකරලා  තිරණ ගැනිමේ හැකියාව තවත් අඩාලකරණවා.  එමෙන්ම මත්ද්‍රව්‍යවලට පුරුදුවුනාට පසු තිරණ ගැනිමේ හැකියාව විතරක් පමණක් නෙවෙයි. මත්ද්‍රව්‍ය ලබාගැනිමේ අවශ්‍යතාවය නිසාම විවිධ අය පසුපස යන්න පුළුවන් විවිධ  බලපැම්වලට හසුවෙන්න පුළුවන්  මෙවැනි දරුවන් ලිංගික අපරාධ වලින් වලක්වා ගැනිම දෙමව්පියන්ගේ මෙන්ම සමාජයෙත් වගකිමක්.

දෙමව්පියන් දැන ගන්න ඇසුරුකරණ මිතුරු මිතුරියන් කවුද කියලා. නිවසින් බැහැරව ගිය පසු කුමක්ද කරන්නේ කියලා. විවිධ මත්ද්‍රව්‍ය ලබාගත් පසු  විවිධ රෝග ලක්ෂණ මේ අයගේ දකින්න පුළුවන්. ඒ ගැනත් දෙමව්පියන් විමසිල්ලෙන් සිටිය යුතුයි. මෑතකාලයේ දරුවන් බොහොමයක් තාක්ෂණික උපක්‍රම මගින්  අන්තර්ජාලය පරිහරණය කිරිමට පුරුදු වෙලා තියෙනවා. අන්තර්ජාලය  හරහා දරුවන් ගොදුරුකරගන්න බලාගෙන ඉන්න අය  ඒ තුලින් දරුවන් පහසුවෙන් ගොදුරුකරගන්න උත්සාහ කරන්න පුළුවන්  මේ ගැන සැලකිලිමත් විම ඉතා වැදගත් කරුණක්.”