hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 22, පෙ.ව. 2:25



විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා සඳහන් කරන්නේ, පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මානසික ආතතිය ඇතුළු මානසික රෝග ඉහළ යා හැකි බවයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මේ හේතුවෙන් මිනිසුන් ප්‍රචණ්ඩත්වයට ගොදුරු විය හැකි බවයි.

එමගින් මිනිසුන් විවිධ අපරාධවලට යොමු විය හැකි බවද පෙන්වා දෙන විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසන්නේ මෙම කරුණු පිළිබඳව අවධානය යොමුකළ යුතු බවයි.

එමෙන්ම, මානසික රෝගවලට බෙහෙත් බොන පුද්ගලයින්ගේ පිපාසය අඩු බවත් ඒ නිසා ඔවුන් විජලනයට ලක් විය හැකි බවත් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි. 

 එසේම අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් දරුවන්ගේ සිතීමේ හැකියාව අඩුවිය හැකි බවත් එමගින් දරුවන්ට අධ්‍යාපනික ගැටලු ඇතිවිය හැකි බවත් පවසයි. 

 කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකරන්නේ, මෙම තත්ත්වය මැයි මාසය අවසන් වන තෙක් පවතිනු ඇති බවයි.

දින කිහිපයක සිට පැවතෙන උණුසුම් කාලගුණික තත්ත්වය හුමවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව පීඩාවට පත්ව සිටිනවා.