hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 ජූලි 13, ප.ව. 1:54



ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ රූපවාහිනි සංස්ථාවේ පිවිසුම් දොරටු අවහිර කරමින් විරෝධතාකරුවන් විරෝධතා දක්වමින් සිටින බව වාර්තා වනවා.

ත‍්‍රිවිධ හමුදාව එම පරිශ්‍රයට විරෝධතාකරුවන්ට ඇතුළු වීමට ඉඩ නොදී ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ මොහොතේ ජාතික රූපවාහිනිය අර අරගලකරුවන් අතට පත්වී තිබෙන බවයි වාර්තාවන්නේ.

අරගලකරුවන් පවසන්නේ ජාතික රූපවාහිනිය ජනතාව සතු දේපලක් වැවින් කිසිදු හානියක් නොකරන බවයි.

මේවන විට රූපවාහිනියේ විකාශන කටයුතු ද අත්හිටුවා තිබෙනවා.

ඔවුන් රූපවාහිනී සංස්ථාවේ සජීවී වැඩසටහනකට සම්බන්ධ වන්නට ද අවස්ථාව ඉල්ලා තිබෙනවා.

ඒ අනුව සංස්ථා බලධාරීන් අරගලකරුවන් දෙදෙනකුට එම අවස්ථාව ලබා දී ඇතැයි ද පැවසෙනවා.