2024 ජූනි 30, පෙ.ව. 12:04
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
ඒ කුලී හමුදා සඳහා එක්වීමට රුසියාවට ගිය ශ්‍රී ලාංකිකයන්ගෙන් තුවාල ලැබු අය අතරින් පිරිසක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අකමැති බවයි.
ඒ රුසියාවේ පුරවැසිභාවය ලැබෙනු ඇතැයි ඔවුන්ගේ බලාපොරොත්තුව වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
එමෙන්ම, මියගිය අයට වන්දි ගෙවීමට රුසියානු රජය පියවර ගනිමින් සිටින බවද තාරක බාලසූරිය මහතා ඊයේ (29) කෑගල්ලේ දී සඳහන් කළා.
එහිදී අදහස් දැක් වූ ඒ මහතා,
“අපි කණ්ඩායමක් රුසියාවට ගොස් රුසියාවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ජා කළා. එහිදි අපට දැනුම්දී තිබුණා 464 දෙනෙක් ගැන.”
කෙසේ වෙතත්, මෙම සිද්ධිය ගැන තොරතුරු සොයා බැලීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී වලේබොඩ, දයාසිරි ජයසේකර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් 8 දෙනෙකු පසුගියදා දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11