hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2022 ජූනි 30, ප.ව. 10:12



ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටේරි මහතා අද විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා හමුවුණා.

එහිදී පවතින ආර්ථික අර්බුදය මඟහරවා ගැනීම සඳහා රුසියානු සමූහාණ්ඩුවේ සහය ලබා දෙන බවට රුසියානු තානාපතිවරයා සහතික වූ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

දෙරට අතර බහුවිධ ද්විපර්ශිකව සබදතා ඉහළ නැවීම අරමුණු කර ගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබෙන වාර්තා වෙනවා.

පවතින ආර්ථික අර්බුධයෙන් මිදීම සඳහා ගෙන ඇති පියවර කිහිපයක් සම්බන්ධයෙන් ජී.එල්. පීරිස් මහතා එහිදී තානාපතිවරයා දැනුවත් කර තිබෙනවා.