2026 ජූනි 29, පෙ.ව. 12:24
ජාතික හැඳුනුම්පත් නොමැතිකම හේතුවෙන් වැඩිහිටි දීමනාව අහිමි වූ අඩු ආදායම්ලාභී පවුල්වල වැඩිහිටි පුද්ගලයන් සඳහා ජාතික හැඳුනුම්පත් සකස් කර දීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
මෙම වැඩසටහන ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරයි.
ඒ අනුව, ජාතික හැඳුනුම්පතක් නොමැති වීම නිසා වැඩිහිටි දීමනාව අහිමි වී සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සිටී නම්, ග්‍රාම නිලධාරී, ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරී හෝ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී වෙත යොමු වන ලෙස ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය දැනුම් දී ඇත.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින් අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබාදීම සිදු කරයි.
එම දීමනාව මීට පෙර රුපියල් 3,000ක් ලෙස පැවති අතර, එය රුපියල් 5,000 දක්වා ඉහළ නැංවීමටත්, දීමනාව හිමි වන පුද්ගලයන් සංඛ්‍යාව මිලියනයක් දක්වා වැඩි කිරීමටත් වත්මන් රජය තීරණය කර ඇත.
මේ වන විට ‘අස්වැසුම’ ගිණුම් මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 698,790කටත්, තැපැල් කාර්යාල මගින් 232,496කටත් මෙම වැඩිහිටි දීමනාව ලබාදීම සිදු කෙරේ.
2026 ජූනි 29, පෙ.ව. 12:36
2026 ජූනි 29, පෙ.ව. 12:27
2026 ජූනි 29, පෙ.ව. 12:24
2026 ජූනි 29, පෙ.ව. 12:21
2026 ජූනි 29, පෙ.ව. 12:19
27-06-26
27-06-26
27-06-26
27-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26