hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 27, පෙ.ව. 7:42



පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහන අද (27) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ අනුව, රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී සහල් බවට පත්කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමට නියමිතයි.

මසකට එක් පවුලක් සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක් සහල් නොමිලේ ලබාදීමට රජය තීරණය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

එම සහල් ඉල්ලුම් කර ඇති පරිදි කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයකට ලබාදීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ.