hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 25, පෙ.ව. 8:08



වී අලෙවි මණ්ඩලය විසින් 2021/2022 මහ කන්නයේ දි වී මෙට්‍රික්ටොන් 300,000න් ලක්ෂයක් පමණ මිලදී ගැනීමට සැලසුම්කොට තිබුනද මෙම වර්ෂයේ මාර්තු මස මැදභාගය වනවිට මීලදීගෙන තිබී ඇත්තේ වී මෙට්‍රික්ටොන් 70,000ක් පමණක් බව ශ්‍රි ලංකා මහ බැංකුව විසින් 2021 වර්ෂයට අදාලව නිකුත් කොට ඇති වාර්ෂික වාර්තාවේ දැක්වෙනවා.

මෙම තත්වය නිසා පුද්ගලික සහල්මෝල් හිමියන්ට සැලකිය යුතු මට්ටමේ ඉහල වී ප්‍රමාණයක් විවෘත වෙළදපොළ තුල තරගකාරි මිල ගණන් යටතේ මිලදී ගැනීමට හැකිවී තිබුණා.

ගබඩා, වියලීමේ හා ප්‍රවාහන පහසුකම් ඇතුළු යටිතල හා සැපයුම් පහසුකම් අඩු මට්ටමක පැවතිම වැනි හේතු නිසා වී අලෙවි මණ්ඩලයේ වී මිලදී ගැනිමේ වැඩසටහනේ කාර්යක්ෂමතාව සිමාවි තිබුණා.

2020/2021 මහ කන්නයේ හා 2021 වර්ෂයේ යල කන්නයේ සමස්ත වී නිෂ්පාදනය සහල් මෙට්‍රික්ටොන් මිලියන 3.3ක් වු අතර මෙකී සහල් ප්‍රමාණය මාස 17ක දේශිය සහල් ඉල්ලුම සපුරාලිමට ප්‍රමාණවත් වනු ඇති බවට ඇස්තමේන්තු කර තිබුණා.

කෙසේවුවද 2021 වර්ෂයේ දී සහල් මෙට්‍රික්ටොන් 147,091ක් මෙරටට ආනයනය කොට ඇති බවද මහබැංකු වාර්තාවේ සදහන්.