hit counter

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා

2025 අප්‍රේල් 16, පෙ.ව. 12:20



අඩු මුදලකට පුනර්ජනනීය බලශක්ති විදුලිය නිෂ්පාදන හැකියාව තිබියදී රජය තාප, ගල්අගුරු හා ඉන්ධන බලාගාර මාෆියාවකට හසුවී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ජනහමුවක් අමතමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ, රටේ ජනතාවට බලශක්තිය සැපයීම, අඩු පිරිවැයකින් ඒකකයකට අඩු මුදලක් අය කිරීම සෑම රජයකම වගකීම බවත් අඩු මුදලකින් විදුලිය නිෂ්පාදනය කළ හැකි හොඳම ක්‍රමවේදය පුනර්ජනනීය බලශක්තිය බවයි.

ජල විදුලි, සුළං හා සූර්ය බලයෙන් විදුලි නිපදවීමේ දී අඩු පිරිවැයක් වැය වන බැවින් මෙම අඩු පිරිවැයකින් නිපදවන විදුලිය විදුලි පාරිභෝගිකයන්ට අඩු මුදලකට ලබා දිය හැකි බවද සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

එමෙන්ම වැඩි මිලකට නිපදවන බලශක්තිය ලෙස ගල් අගුරු බලාගාර, ඩීසල් බලාගාර, තාප බලාගාර හැඳින්විය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: