hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූලි 18, ප.ව. 1:32



තමන් කිසිදු විටෙක අරගලය පාවා නොදුන් බවත් ඉදිරියටත් එය වෙනස් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පුරවැසි අරගලය නියෝජනය කරන කණ්ඩායම් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද(18) පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවුණා.

මෙම සතිය තුළ මෙරට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කර ගැනීමේ කටයුත්ත සිදු වන අතර අරගලයේ පුරවැසි කණ්ඩායම් විසින් ඔවුන්ගේ ස්ථාවරය විපක්ෂ නායකවරයා වෙත දන්වා තිබෙනවා.

තමන් හෝ තම පක්ෂය හෝ තම සන්ධානය හෝ කිසිම අවස්ථාවක අරගලයේ ඉල්ලීම් පාවා නොදුන් බව පවසා ඇති විපක්ෂ නායකවරයා ඉදිරියටත් එය සිදු නොවන බවද කියා සිටියා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: