hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 14, ප.ව. 3:56



සර්වපාක්ෂික අරගලකරුවන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (14) පෙරවරුවේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී සිදු කෙරුණා.

ඒ ගාලුමුවදොර ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට සම්බන්ධ “සර්වපාක්ෂික අරගලකරුවෝ” හි නියෝජිත පිරිසක් විපක්ෂ නායකවරයා හමුවූ අතර ඔවුන්ගේ අදහස් ඇතුළත් යෝජනාවලියක් ද විපක්ෂ නායකවරයාට පිළිගන්වා තිබෙනවා.

අරගල භූමියේ ඉල්ලීම් පිළිබඳව තමන් සංවේදී බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

එකී ඉල්ලීම් කිසිම විටෙකත් පාවා නොදුන් බවද ඔහු එහිදී ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා නිශ්චිතවම ඉල්ලා අස්වීම සම්බන්ධව තමන් දරණ තීන්දුව තිරසාර බවද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා.

ඉන් ඔබ්බට දහනව වන ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙන ඒම, විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි කිරීම, සංවරණ තුලන ක්‍රමවේදයක් හරහා ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ බලය ගොඩනැගීම යනාදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරකම් කෙරෙහි සමගි ජන බලවේගය නොවෙනස්ව පෙනී සිටින බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: