hit counter

2024 මැයි මස 19 වන ඉරිදා

2024 මැයි 08, පෙ.ව. 12:02



සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාලව ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා සකස්කරන ලද තාක්ෂණික වාර්තාව රජය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නා ලද නමුත්, එකඟ වූ පරිදි මෙතෙක් පොරොන්දු ඉටු වී නොමැති බවයි.

අදාළ තාක්ෂණික වාර්තාවේ කොටසක් මැයි මාසයේ වැටුපට එක් කරන බවත්, ඉතිරි කොටස ලබාදීම පිළිබඳව සති හතරක් ඇතුළත නිල දැණුම් දීමක් සිදු කරන බවත්, රජයේ එකඟතාවය වූ බවත්, ඉතිරි කොටස පිළිබඳව මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදුකර නොමැති බවත් ඒ මහතා කියා සිටියා.

එමෙන්ම, මැයි මාසයේ වැටුපට එකතු කරන දීමනාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවේ ද ඇතැම් සෞඛ්‍ය සේවාවන් නොසලකා හැර තිබීම ඉතාම බරපතල බවත්, නිල ඇඳුම් දීමනාවට සාපේක්ෂව, නිල ඇඳුම් නොලබන කාර්ය මණ්ඩලය සඳහා ලබාදීමට නියමිත දීමනා පිළිබඳව ද මෙතෙක් කිසිවක් සිදු කර නොමැති බව ඔහු පැවසුවා.

ඒ හේතුවෙන්, මැයි 09 වෙනිදා සිට නැවත වතාවක් සෞඛ්‍ය සේවාව තුළ වර්ජනයක් කැඳවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කළ බව සඳහන්.

එහිදී රෝගීන්ට ඇතිවන පීඩාවන් සැලකිල්ලට ගෙන එම වර්ධනය අඛණ්ඩව දීප ව්‍යාප්ත ලෙස ක්‍රියාත්මක නොකොට, පළාත් වශයෙන් ක්‍රියාත්මක කිරීමට මේ වනවිට සැලසුම් කොට ඇති බවත්, කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: