hit counter

2026 ජූනි මස 07 වන ඉරිදා

2023 මාර්තු 25, ප.ව. 6:20



අප්‍රේල් මාසයට අදාළ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් හා සමෘද්ධි ඇතුළු දීමනා අප්‍රේල් මස 10 වන දාට පෙර ගෙවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් සාම්ප්‍රදායිකව සිදුකරනු ලබන එම ගෙවීම් නියමිත පරිදි සිදුකිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.