hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 28, ප.ව. 12:39



ත්‍රස්ත විරෝධී පනතක් පැවතිය යුත්තේ ත්‍රස්තවාදය වළැක්වීමට බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නව ත්‍රස්ත විරෝධී පනත තුළද පෙර පැවති ත්‍රස්ත විරෝධී පනත මෙන්ම ගැටළු පවතින බවයි.

එමෙන්ම පනත්කෙටුම්පතෙහි ප්‍රතිපාදන හොඳද? නරකද? යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණය කළ නොහැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලයේ පරාසය සීමිත බවද ඔහු ප්‍රකාශ කර සිටිනවා.

ඔහු ප්‍රකාශ කරන්නේ ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමට විරුද්ධ විය යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ සාලිය පීරිස් මහතා,

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරලා මම බොහෝ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියා. අපි දකිනවා මේ පනත කොහොමද දේශපාලන බලධාරින් සහ පොලිසිය අවභාවිත කරලා තියෙන්නේ කියලා ඒ පසුබිම තුළ තමයි නව පනත භයානක වෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ ඇමති රැඳවුම් නියෝග දුන්නා ප්‍රසිද්ධ ගායකයෙක්ට රැඳවුම් නියෝග නිකුත් කළා මොකක්ද චෝදනාව කාන්තාවකගේ ආභරණ අයුතු ලෙස ළඟ තබා ගැනීම පසුබිම වුණේ පෞද්ගලික ආරවුලක් රජය පුද්ලයෙකුට අකමැති නම් ඒ පුද්ගලයාට රැඳවුම් නියෝග දෙනවා මෙතෙක් කල් රැඳවුම් නියෝග දුන්නේ ඇමතිවරයා දැන් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට බලය දෙන්න හදනවා 2018 පනතට අනුව නියෝජ්‍ය පොලිස්පතිට රැඳවුම් නියෝග නිකුත් කරන්න බලය තිබුණේ සති 2කට පමණයි මේ පනත යටතේ මාස 3ක් යනකල්ම මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරන්නේ නැහැ”