hit counter

2026 ජූනි මස 13 වන සෙනසුරාදා

2022 ජූලි 20, ප.ව. 12:01



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් මහතා දැඩි ලෙස රෝගාතුරව සිටින අතර පාර්ලිමේන්තුවට පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට මන්ත්‍රීවරයා කටයුතු කර තිබුණා.

ඔහුට ලබා දී තිබූ සේලයින් බෝතලය ද සමඟ ඉතා අසීරුවෙන් පැමිණ ඔහු ඡන්දය ප්‍රකාශ කරන අයුරු දැකගත හැකි වුණා.

නම අඬගසන තුරු නොසිට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සභාවේ අවසරය පරිදි පාර්ලිමේන්තු මහලේකම්වරයා ඔහුට අවස්ථාව ලබා දුන්නා.