hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 25, පෙ.ව. 4:13



සීමාසහිත ත්‍රිකුණාමල විදුලිබල සමාගම විසින් සාම්පූර්හි සුර්ය බලාගාරයේ මෙහෙයුම් කටයුතු කිසිවක් සිදුකර නොතිබුනද පරිපාලන වියදම් සදහා රුපියල් එක්කෝටි එකොළොස් ලක්ෂ අසුහත්දහස් හාරසියපනස්පහක මුදලක් (11,187,455) වැයකොට ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

සාම්පූර්හි මෙගාවොට් 50ක සුර්ය බලාගාරයක් පිහිටුවිම සදහා සමාගමට 2018 වර්ෂයේ දි කැබිනට් අනුමැතිය ලැබි තිබුණා.

එහෙත් එම බලාගාරයේ මෙහෙයුම් කටයුතු 2022 මාර්තු මස 31 වැනි දින වන විටත් ආරම්භ කොට නොතිබුණා.

මේ දිනට සමාගමේ අලාභය රුපියල් හැටඑක්කෝටි පනස්දෙලක්ෂ පන්දහස් අටසිය තිහක් බවද (615,205,830) ක් බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

සිමාසහිත ත්‍රිකුණාමල විදුලිබල සමාගම සම්බන්දයෙන් 2021/2022 යන්ට අදාලව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණා.