hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 27, පෙ.ව. 9:10



දිවයින පුරා සතොස ශාඛාවල ඊයේ (26) දින සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහල දමා ඇති බව පාරිභෝගිකයන් කියා සිටිනවා.

ඉකුත් සතියේ හැටන් සතොස ශාඛාවේ රු.175 කට අලෙවි කල පොන්නි සම්බා කිලෝවක් රු.200 කටත්, රු.145 කට අලෙවි කල දේශිය රතු සහල් කිලෝවක් රු.175 කටත්, රු.170 ට අලෙවි කල සීනි කිලෝවක් රු.177ටත්, රු.489ට ඉකුත් සතියේ අලෙවි කල ආනයනික රතු පරිප්පු කිලෝවක් රු.560 කටත් අලෙවි කරන බවයි පාරිභෝගිකයන් කියා සිටින්නේ.

මිල වැඩි කලද ඇතැම් ආහාර ද්‍රව්‍ය සිමිත තොග ප්‍රමාණයක් පමණක් සතොස ශාඛාව වෙත එහි පාලන අධිකාරිය විසින් නිකුත් කර තිබු අතර එම ප්‍රමාණය පාරිභෝගිකයන්ට සමසේ බෙදා දිම සදහා සිමා කර පාරිභෝගිකයන්ට අලෙවි කිරිමට හැටන් සතොස ශාඛාවේ පාලන අධිකාරිය පියවර ගෙන තිබුණා.