hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූලි 11, ප.ව. 12:22



සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හෙවත් සතොස ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අදාළ කටයුතු සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

සතොස ආයතනය ආර්ථිකයට ඵලදායි අයුරින් දායකත්වයක් ලබානොදීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව සතොස ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ කටයුතු ඉටුකිරීම සඳහා මෙහෙයුම් හා අධීක්ෂණ කමිටුවක් පත්කර යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට නලීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.