hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූලි 24, ප.ව. 1:14



හැටන් නගරයේ පැරණි ඉරිදාපොල භුමියට පිවිසෙන මාර්ගයේ පිහිටි සතොස ශාඛාව සිව්දිනක් තිස්සේ වසා දැමිම හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇතැයි ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසූවේ එම සතොස ශාඛාවේ පරිගණක පද්ධතියේ දත්ත ගබඩාවේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් සතොස ශාඛාව තාවකාලිකව වසා දමන බව සතොස ශාඛාවේ කලමණාකරු විසින් දැන්විමක් ප්‍රදර්ශනය කරමින් සතොස ශාඛාව වසා දමා ඇති බවයි.

සතොස ශාඛාව සිව්දිනක් තිස්සේ වසා දැමිම සම්බන්ධයෙන් අප එම සතොස ශාඛාවේ කලමණාකරුගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ තම සතොස ශාඛාවේ සියළුම ව්‍යාපාර කටයුතු සහ තොග සම්බන්ධව පරිගණක පද්ධතිය හරහා සිදු වන බවත්, එම පරිගණක පද්ධතියේ දත්ත ගබඩාවේ දත්ත පිරි ඇති නිසා එම දත්ත ගබඩාවේ අනවශ්‍ය දත්ත ඉවත් කිරිම සදහා දත්ත ගබඩාව ගලවා කොළඹට යවා ඇති බවයි.

දත්ත ගබඩාව යලි යථා තත්ත්වයට පත්කර තම ශාඛාව වෙත ලැබිමෙන් අනතුරුව සතොස ශාඛාව විවෘත කිරිමට අවශ්‍ය කටයුතු කරන බවද කලමණාකාරවරයා පැවසුවා.