hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 11, ප.ව. 3:12



වැසි සහිත කාලගුණයෙහි බලපෑමෙන් හල්දුම්මුල්ල කොට්ඨාසයේ පාසල් තුනක් වසා දමා තිබෙනවා.

හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක නිලානි ධම්මිකා පැවසුවේ ඒ ඒ පාසල්වල ඉගෙනුම ලබන දූ දරුවන් අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට කටයුතු කර ඇති බවයි.

බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික හේරත්ගේ උපදෙස් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන තිබෙනවා.

නායාමට ගොදුරු වී අද වැසී ගිය කැලිපානාවෙල විදුහලේ දූ දරුවන් වැල්ලවාය ගම්පහ විදුහලටද ගල් පෙරළී මේ අවදානමක් හේතුවෙන් වසා දමා ඇත.

බ්ලැක්වුඩ් විදුහලේ දූ දරුවන් හල්දුම්මුල්ල දෙමළ මහා විදුහලටද ,ගොඩනැගිලි කඩා වැටීමේ අවදානම හේතුවෙන් වසා දැමූ මාලදොල විදුහලේ දූ දරුවන් හරංකහව විදුහලටද යොමු කර අධ්‍යාපන කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද කොට්ඨාස අධ්‍යක්ෂවරිය පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: