hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 14, පෙ.ව. 12:04



2025 වසරේදී මූලික නීතිය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

කොළඹ පැවති වැඩසටහනකදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.

මූලික නීති සිද්ධාන්ත මෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳවද පාසල් සිසුන්ට ඉගැන්වීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා,

“සුළු වරදකට වුණත් සති දෙකක් බන්ධනාගාරගත කරනවා. සමහර අධිකරණ මේ පිළිබඳව ගැඹුරින් කල්පනා කරලා ඇප දෙනවා. හැබැයි මේකට නිසි ප්‍රමිතියක් තාම හැදිලා නැහැ. සුළු වරදක් වුණාම එක පාරටම හිර ගෙදරට දාපුවාම සමහරවිට අහිංසකයෙක් වෙන්න පුළුවන්, ඒ අහිංසකයා මාසයක් දෙකක් හිර ගෙදර ගත කරන්නේ මහ දරුණු අපරාධකාරයොත් එක්ක. ඔහුගේ මනස සැකසෙනවා ලොකු  වීර චරිතයක් වෙන්න ඕන නම් අපරාධ කරන්න ඕන කියලා  ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: